මහකනදරාව වැව ආශ්‍රිත ගොවි ජනතාවගේ ගැටලු සොයා බැලීමට ජනපති එක් වෙයි
2024-02-16 15:25:38
Share with:

මහකනදරාව වැව මූලාශ්‍ර කරගත් අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ඊයේ (15) විවෘත කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණදී සිටින ගැටලු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.එහිදී ගොවි ජනතාව තම ගැටලු සෘජුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ අතර ඊට සාධනීය පිළිතුරු ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. 

මෙරට ගොවි ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ඉටුකර ඇති කාර්යභාරය අනුව මහකනදරාව වැව ආශ්‍රිත ගොවි ජනතාව වෙත ද ලබා දුන් පොරොන්දු ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බව මහකනදරා වැව ඒකාබද්ධ ගොවි ව්‍යාපාරයේ සභාපති සුභසිංහ රත්නායක මහතා මෙහි දී සඳහන් කළේය.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම