අඛණ්ඩ අනතුරු ඇඟවීම් නොතකා දකුණු චීන මුහුදට අනවසරයෙන් ඇතුළු වූ පිලිපීන යාත්‍රාව චීන වෙරළාරක්ෂක බලකාය පලවා හරී
2024-02-16 16:09:08
Share with:

නැවත නැවතත් සිදු කළ අනතුරු ඇඟවීම් නොතකා දකුණු චීන මුහුදේ Huangyan දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයට නීති විරෝධී ලෙස ඇතුළු වූ පිලිපීන යාත්‍රාවක් පලවා හැර ති‍බේ. චීන වෙරළාරක්ෂක බලකාය ඊයේ(15) රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියාසිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක Gan Yu කියාසිටියේ පිලිපීන ධීවර හා ජලජ සම්පත් කාර්යාංශයට අයත් මෙම යාත්‍රාව අනතුරු ඇඟවීම් නොතකා ඉදිරියට යාත්‍රා කළ බවයි. එහෙයින් නීත්‍යානුකූලව චීන වෙරළාරක්ෂක බලකාය එම යාත්‍රාව පාලනය කිරීමට සහ ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. 

Huangyan දූපත සහ එහි අවට මුහුදු ප්‍රදේශය චීනයේ පූර්ණ ස්වෛරීත්වය යටතේ පවතින ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයට නීති විරෝධී ලෙස ඇතුළු වූ පිලිපීන යාත්‍රාවක් චීනය විසින් පලවා හරින ලද පළමු අවස්ථාව ද මෙය නොවේ. 

වසන්ත උත්සය සමයේ දී ප්‍රකෝපකාරී ක්‍රියාවන් ඇති කිරීමේ චේතනාවෙන් පිලිපීනය හිතාමතාම මෙය සිදු කළ බවට විශේෂඥයින් ද අනතුරු ඇඟවා ඇත. මෙමගින් දෙපාර්ශ්වයේ අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් පළුදු වනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම