අස්වැසුම දෙවැනි අදියර ඇරඹේ
2024-02-16 15:46:32
Share with:

අස්වැසුම දෙවැනි අදියර අවසන් වන විට පවුල් ලක්ෂ 24කට ප්‍රතිලාභ හිමි වන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පවසයි. මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව පැවසූ සභාපතිවරයා අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් භාර ගැනීම මාර්තු 15 වැනිදා අවසන් වන බවද කියාසිටියේය.ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම් කිරීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සහ ග්‍රාම නිලධාරිවරයා හෝ ප්‍රදේශීය ලේකම් කාර්යාල ඔස්සේ සිදු කළ හැකි අතර www.wbb.gov.lk වෙබ් අඩවිය මඟින් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තම අයදුම්පත සම්පූර්ණ කළ හැකි වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම