ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්
2024-02-15 15:49:49
Share with:

2024 වසරේ ජනවාරි පළමු වැනිදා සිට පෙබරවාරි 14වැනිදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 03 ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අනාවරණ කරයි. 

පෙබරවාරි මාසයේ පළමු දින 13 තුළ දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 98,455ක් ලෙසයි වාර්තා වී ඇත. 2024 පෙබරවාරි මාසයේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 100,000 සීමාව සපුරා ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂක නලීන් පෙරේරා මහතා පැවසීය. ඒ අනුව 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 306,708ක් ලෙස වාර්තා වේ. 

මෙරට සංචාරක කර්මාන්තයේ වත්මන් ප්‍රගතිය පිළිබඳ කරුණු දැක්වීම සඳහා කොළඹ දී කැඳවා තිබුණු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම