චීන මහජන ‍‍කොංග්‍රස් ක්‍රමය වැඩි දියුණු කරමින් ජනතාව රටේ ස්වාමියා වීම තහවුරු කළ යුතු බව අවධාරණය කෙරේ
2024-02-15 17:20:41
Share with:

චීනයේ Qiushi සඟරාවේ හෙට (16) චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ලිපියක් පළ කෙරෙනු ඇත.  “චීන මහජන ‍‍කොංග්‍රසයේ ක්‍රමය වැඩි දියුණු කරමින් ජනතාව රටේ ස්වාමියා වීම තහවුරු කිරීම ” මැයෙන් එම ලිපිය නිකුත් කෙරේ. ෂී ජින් පිං ජනාධිපතිවරයා  2012 වසරේ දෙසැම්බර් මාසයේ සිට 2023 වසරේ ජුනි මාසය දක්වා කාලයේ ප්‍රකාශ කළ වැදගත් අදහස් එම ලිපියට ඇතුළත් වේ.

චීන මහජන කොංග්‍රසයේ ක්‍රමය චීනයේදී ක්‍රියාත්මක කිරීම, චීන ජනතාව නැගීසිටිමින් සිය ඉරණමේ පාලකයන් වීමට ඇති අනිවාර්ය තේරීම පිළිබඳ එම ලිපියෙන් පෙන්වා දෙයි. මහජන කොංග්‍රසයේ ක්‍රමයට අනුව රටේ පරිපාලනයේ නායකත්වය දරන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයයි .එමෙන් ම රටේ ස්වාමියා වන්නේ චීන ජනතාව ය. චීන කොමියුනිස්ට් පක්ෂය සියලු ජන කොට්ඨාස එක්සත් කරමින් නිත්‍යානුකූලව ර‍ටේ පරිපාලනය සිදු කරයි. ජනතාව රටේ ස්වාමියා බව තහවුරු කළ යුතු යැයි එම ලිපියෙන් අවධාරණය කරයි. ප්‍රජාතන්ත්‍රීය ඡන්ද විමසීම් මගින් විවිධ මට්ටමේ මහජන කොංග්‍රස් තේරී පත්කිරීමටත්, එම මහජන කොංග්‍රස ජනතා අධීක්ෂණයට ලක් කිරීමටත්, ජනතාව චීන මහජන කොංග්‍රසය මගින් බලතල භාවිත කිරීමටත් කටයුතු කළ යුතු බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම