චීන විදේශ ඇමති මියුනිච් ආරක්ෂක සමුළුවට සහ ස්පාඤ්ඤ, ප්‍රංශ නිල සංචාරයක් සඳහා සහභාගී වීමට සූදානම් බව විදේශ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
2024-02-15 16:35:23
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා පෙබරවාරි 16 සිට 21 දක්වා 60 වන මියුනිච් ආරක්ෂක සමුළුවට සහභාගී වන අතර, ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ සංචාරය කර, ප්‍රංශයේදී චීන-ප්‍රංශ උපායමාර්ගික සංවාදයක් පැවැත්වීමට නියමිතය. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (15) මේ බව ප්‍රකාශ කළාය.

මියුනිච් ආරක්ෂක සමුළුව වැදගත් ගෝලීය බලපෑමක් ඇති ජාත්‍යන්තර උපායමාර්ගික සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ වාර්ෂික සංසදයකි. චීනය බොහෝ අවස්ථාවන්හිදී මෙම සමුළුවට ඉහළ මට්ටමේ නියෝජිතයන් සම්බන්ධ කර ඇත. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම, සමාන හා ක්‍රමවත් බහුධ්‍රැවීය ලෝකයක් වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳ චීන සංකල්පය මෙම සමුළුවේ දී Wang Yi මහතාගේ සහභාගීත්වයෙන් පැහැදිලි කෙරෙනු ඇති බව Mao Ning මහත්මිය පැවසුවාය.

ස්පාඤ්ඤය යුරෝපා සංගමයේ වැදගත් රටක් බවත් චීනයේ පූර්ණ උපායමාර්ගික හවුල්කරුවෙකු බවත් Mao Ning මහත්මිය කියාසිටියාය. මෙම සංචාරයේ දී චීන මකරාගේ වසරේ ආරම්භයත් සමග චීන-ස්පාඤ්ඤ වසර 50ක නව සබඳතාවයේ ආරම්භය ද සනිටුහන් කෙරේ. වසර හයකට ආසන්න කාලයකින් පසුව චීන විදේශ අමාත්‍යවරයෙකු ස්පාඤ්ඤයට සංචාරය කරන පළමු අවස්ථාව ද මෙයයි. දෙපාර්ශ්වයම එයට විශාල වැදගත්කමක් ලබා දෙන බව Mao Ning මහත්මිය පැවසුවාය.

චීනය සහ ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර මේ වසරට වසර 60ක් සපිරෙන බව Mao Ning මහත්මිය පෙන්වා දුන්නාය. Wang Yi මහතාගේ ප්‍රංශ සංචාරය මේ වසරේ චීනය සහ ප්‍රංශය අතර සිදු කෙරෙන පළමු වැදගත් සංචාරයයි. හෙතෙම ප්‍රංශ පාර්ශවය සමග ද්විපාර්ශ්වික හමුවක් පවත්වනු ඇති අතර ප්‍රංශ ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු උපදේශක Emmanuel Bonne මහතා සමග චීන-ප්‍රංශ උපායමාර්ගික සංවාදයේ නව වටයක් පැවැත්වීමට ද අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම