ඇමරිකාවේ කැන්සාස් නගරයේ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් 22 දෙනෙකුට තුවාල
2024-02-15 16:17:08
Share with:

ඇමරිකාවේ මිසූරි ප්‍රාන්තයේ කැන්සාස් නගරයේ පැවති සුපර් බෝල් පාපන්දු ජයග්‍රාහී පෙළපාලියක් අතරතුර වෙඩි තැබීමක් සිදුව ඇත. ඒ හේතුවෙන් අවම වශයෙන් එක් අයෙකු මිය ගොස් 22 දෙනෙකු තුවාල ලබා ඇති බව කැන්සාස් නගරයේ ප්‍රධානී Stacey Graves ප්‍රකාශ කළේය. වැඩිදුර විමර්ශන සඳහා මේ වනවිට තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිළධාරීන් 800 කට වැඩි පිරිසක් එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටිය දී මෙම වෙඩි තැබීම සිදුව ඇත. කැන්සාස් නගරයේ පොලිසිය ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබේ. 

මෙම වෙඩි තැබීමෙන් කිසිදු චීන පුරුවැසියෙකුට හානියක් සිදුව නොමැති  බව  චිකාගෝ හි චීන කොන්සල් ජනරාල්වරයා මේ වනවිට තහවුරු කර ඇත.

 

 

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම