මහ කන්නයේ වී මිලදී ගැනීමට ණය යෝජනා ක්‍රමයක්
2024-02-15 15:55:35
Share with:

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩාකරුවන් හා වී තොග රැස් කරන්නන් තම කර්මාන්තය පවත්වාගෙන යාමේදී මුහුණ දී ඇති මූල්‍ය දුෂ්කරතා මඟහරවා ගනිමින් මෙවර මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි එය ඇරඹීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල්, රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය. 

අදාළ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 09ක ණය නිකුත් කිරීමට අපේක්ෂා කෙරෙන අතර සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා රුපියල් මිලියන 50කද, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස් කරන්නන් සඳහා රුපියල් මිලියන 25කද උපරිම ණය මුදලක් ලබාදෙනු ඇත. 

ගොවියාට හොඳ වී මිලක් ලබා දෙමින් පාරිභෝගික ජනතාවට ද සාධාරණ මිලකට සහල් ලබා ගැනීමේ අවස්ථාව ලබාදීම මෙම ණය යෝජනා ක්‍රමයේ අරමුණ බව රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කර ඇත.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම