වසර 150 කට පසු ඇමරිකානු කැබිනට් අමාත්‍යවරයෙක් දෝෂාභියෝගයකට ලක්වෙයි
2024-02-14 17:32:25
Share with:

අසාර්ථක වූ දෝෂාභියෝග ඡන්දයකින් සතියකට පසු, රිපබ්ලිකන් පාලනය යටතේ පවතින ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යළිත් ස්වදේශීය ආරක්ෂක ලේකම් Alejandro Mayorkas ට එරෙහිව පැවති දෝෂාභියෝගයේ දී ඡන්දය ප්‍රකාශ කරයි. එය ඊයේ (13) පැවැත්විණ. ඇමරිකානු ඉතිහාසයේ වසර 150 කට ආසන්න කාලයක් තුළ දෝෂාභියෝගයකට ලක් වූ පළමු කැබිනට් සාමාජිකයා Mayorkas ය.

 ඉකුත් 6 වැනිදා පැවති දෝෂාභියෝග ඡන්දයෙන් ස්වදේශ ආරක්ෂක ලේකම්වරයා යන්තමින් ජය ලැබුවේ 214 ට 216 ක් ලෙස ඡන්ද ලබා ගනිමිනි.එහෙත් එහි ඊළඟ අදියරේ දී පහළ මන්ත්‍රී මණ්ඩලය 214 ට 213 ක් ලෙස ඡන්දය දුන් අතර, රිපබ්ලිකානුවන් තිදෙනෙකු බයිඩන් පරිපාලනයේ දේශසීමා පිළිබඳ ඉහළම නිලධාරියාට එරෙහි දෝෂාභියෝගයට ඡන්දය දීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂයට එක්වීම කැපීපෙනෙන සිදුවීමකි.Alejandro Mayorkas ට එරෙහි දෝෂාභියෝගයට හේතු වූයේ, දේශසීමා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී "නීතියට අනුකූල වීම හිතාමතාම සහ ක්‍රමානුකූලව ප්‍රතික්ෂේප කරමින්" මහජන විශ්වාසය කඩ කිරීම යි. 

රිපබ්ලිකන් පක්ෂයේ නීති සම්පාදකයන් මෙහිදී කියා සිටියේ, ස්වදේශීය ආරක්ෂක ලේකම්වරයා තම රාජකාරිය ඉටු කර නොමැති බවයි.  කෙසේවෙතත්, ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ කොංග්‍රස් ප්‍රජාතන්ත්‍රවාදීන් යන දෙපිරිස ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම දේශපාලනිකව මෙහෙයවනු ලබන ක්‍රියාමාර්ගයක් ලෙස  බැහැර කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම