ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ කලාපීය සහයෝගිතා මධ්‍යස්ථානයක් සිංගප්පූරුවට
2024-02-14 15:59:41
Share with:

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සිංගප්පූරුවේ කලාපීය සහයෝගිතා මධ්‍යස්ථානයක් පිහිටුවන බව නිවේදනය කරයි. එම ඒජන්සිය සිය පැරිස් මූලස්ථානයේ දී ඊයේ (13) මේ බව නිවේදනය කළ අතර, මේ වසරේ දෙවන භාගයේ දී එහි මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පිහිටුවීමේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති අමාත්‍ය මණ්ඩල සමුළුවේ දී එම ඒජන්සියේ අධ්‍යක්ෂ Fatih Birol මහතා මේ අදහස් පළකළේය.

පැරිසියේ පිහිටි මූලස්ථානයට අමතරව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පිහිටුවන පළමු ශාඛා මධ්‍යස්ථානය මෙය වීම විශේෂත්වයකි. බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සහ පවිත්‍ර බලශක්ති සංක්‍රාන්තිය වේගවත් කිරීම සඳහා අග්නිදිග ආසියාව වැනි කලාපයේ රටවල් සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීම එහි අරමුණයි. අග්නිදිග ආසියාව ලොව ආර්ථික වශයෙන් ශීඝ්‍ර වර්ධනයක් සතු මෙන්ම ගෝලීය බලශක්ති සංක්‍රාන්තිය සඳහා තීරණාත්මක කලාපයක් වන බවට ද Fatih Birol මහතා විශ්වාසය පළ කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම