රටේ ආර්ථික පරිවර්තනයක් ඇතිකිරීමට නම් ලොවට ගැලපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බව ජනපති කියයි
2024-02-14 16:17:09
Share with:

ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහිකළ හැකි අධ්‍යාපන ක්‍රමයක් ඉදිරියේ දී ඇතිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ අද (14) පෙරවරුවේ පැවති, පිරිවෙන් හා පාසල් සිසු සිසුවියන්ට නොමිලේ පාසල් පෙළපොත් හා පාසල් නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් හෙතෙම මේ බව කියාසිටියේය.මෙම  වසරේ පාසල් නිල ඇඳුම් රෙදිවලින් 80% ක් පරිත්‍යාග කරනු ලැබුවේ චීන රජය විසිනි. ඉතිරි 20% ක ප්‍රමාණය මෙරට රජය මගින් සපයා ඇත.

රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැලපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බවත්, එමගින් තරගකාරී ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහිකළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී  පෙන්වා දුන්නේය.මෙම වැඩසටහන යටතේ දිවයිනේ පාසල් 10,126 ක සිසු දරුවන්ට හා පිරිවෙන් 822ක ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ සිල් මාතාවන්ට පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ප්‍රදානය කෙරේ.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම