ජනපති සහ සමන්තා පවර් මහත්මිය අතර හමුවක්
2024-02-14 14:51:21
Share with:

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව අදහස් හුවමාරු කරගනී.මෙරට ආර්ථික අභියෝග ජයගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බවට ඇය එහිදී පොරොන්දු වූ බව නිවේදනයක දැක්වේ.ප්‍රජාතාන්ත්‍රවාදී පාලනය සහ උපදේශාත්මක නීති ක්‍රමවේදයක ඇති වැදගත්කම යන කරුණු සම්බන්ධයෙන් ද ඔවුන් සාකච්ඡා කර ඇත. එසේම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ රැස්වීම යන අංශ කෙරෙහි සහාය වන බව පවසා ඇති පවර් මහත්මිය, ඔන්ලයින් පනත සම්බන්ධයෙන් පවතින ගැටලු සහ එයින් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇතිවන බලපෑම පිළිබඳව සොයා බලන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.එමෙන්ම එම පනත මගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස ද ඇය දැනුම් දී තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම