මෙරට කඩොලාන වැවීමේ ව්‍යාපෘතියට ජාත්‍යන්තර පැසසුම්
2024-02-14 14:55:57
Share with:

වසර කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කඩොලාන පරිසර පද්ධති යළි ගොඩනැගීමේ මෙහෙවර එක්සත් ජාතීන්ගේ World Restoration Flagship වැඩසටහන යටතේ සම්මානයට පාත්‍ර වෙයි.ලබන 27 වැනිදා කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ දී මෙම සම්මානය ශ්‍රී ලංකාවට පිරිනැමීමට නියමිතය.2015 වසරේ ඇරඹුණු මෙම කඩොලාන ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ව්‍යාපෘතිය මගින් මේ වනවිට හෙක්ටයාර 500 ක පමණ ප්‍රදේශයක කඩොලාන ශාක රෝපණය කිරීමට හැකි වී තිබේ. ඕස්ට්‍රේලියානු හා බ්‍රිතාන්‍ය රජයන්ගේ සහය ද ඊට හිමිවිය.

එක්සත් ජාතීන්ගේ World Restoration Flagship වැඩසටහනක් ලෙස ඇගැයීමට ලක්වීමත් සමග මෙම ව්‍යාපෘතියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තාක්ෂණික හා මූල්‍ය සහය හිමිවනු ඇත.  2030 වසරේ දී කඩොලාන හෙක්ටයාර 10,000 ක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට එය ඉවහල් වනු ඇත. ඊට අමතරව මෙමගින් නව රැකියා 4,000 කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කළ හැකි වීම ද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම