මැතිවරණ ගැන රජයෙන් විශේෂ නිවේදනයක්
2024-02-13 16:36:37
Share with:

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ජනාධිපතිවරණය එය පැවැත්වීමට නියමිත කාලවකවානුවේ දී පැවැත්වෙන බවත්, මහ මැතිවරණය සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මඟින් වෙන්කරන බවත් ය.

මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමග සම්බන්ධ වී කටයුතු කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම