ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගිත්වය වැඩි කිරීමට වැඩපිළිවෙළක්
2024-02-13 16:37:59
Share with:

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ පුරුෂන්ට සාපේක්ෂව, සාම්ප්‍රදායික ලෙස කාන්තා සහභාගිත්වය අඩු බැවින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම අයවැය ක්‍රියාවලියට ඒකාබද්ධ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරිණ.

රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල සහ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අයවැයකරණයට අදාළ යෝජිත පනත් කෙටුම්පත පිළිබඳව අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර ඇත.

තවද, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සඳහා වන 25% කෝටාව සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම