චීන මාධ්‍ය සමූහයේ නව වසරේ සංස්කෘතික ප්‍රසංගයට ‍වාර්තාගත ගෝලීය ආකර්ෂණයක්
2024-02-13 16:46:07
Share with:

චීන මාධ්‍ය සමූහයේ නව වසරේ සංස්කෘතික ප්‍රසංගය චීන සංස්කෘතිය විදේශයන්හි ව්‍යාප්ත කිරීම සඳහා දීප්තිමත් ව්‍යාපාරික මෙවලමක් බවට පත්වේ.

චීන මාධ්‍ය සමූහයේ 2024 නව වසරේ සංස්කෘතික ප්‍රසංගය රටවල් රැසක අවධානයට යොමුව තිබේ. එම ප්‍රසංගය පිළිබඳ විදෙස් රටවලින්   කැපී පෙනෙන ප්‍රතිචාර ලැබී තිබේ. ඒ පිලිබඳ දත්ත නව ඉහළම මට්ටම ලෙස ඉතිහාසයට එක්වීම ද විශේෂත්වයකි.

ඊයේ(12) උදෑසන 9.00 වන විට, රටවල් හා කලාප 200කට වැඩි සංඛ්‍යාවක මාධ්‍ය 2300කට වැඩි ප්‍රමාණයක් ඔස්සේ සංස්කෘතික ප්‍රසංගය සජීවීව විසුරුවා හැර තිබීම හෝ ඒ පිළිබඳ වාර්තාකරණයන් සිදු කර තිබේ. බහුවිධ භාෂාවලින් සිදු කර ඇති වාර්තාකරණය සඳහා හිමි වූ විදේශ නැරඹුම් සංඛ්‍යාව 114කෝටි 20ලක්ෂයක් වූ අතර, වීඩියෝ නැරඹුම් සංඛ්‍යාව කෝටි 33.1කි.

එසේ ම, මකරාගේ වසර තේමා කරගත් නර්තන තරගය රටවල් හා කලාප 68ක අන්තර්ජාල භාවිතයන්ගේ ඉහළ ආකර්ෂණයට යොමු වී ඇත. ගෝලීය වශ‍යෙන් එය නැරඹීමේ සංඛ්‍යාව 64කෝටි 20ලක්ෂය ඉක්මවා ගොස් තිබීම ද කැපී පෙනේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම