ගාසා තීරයේ වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්
2024-02-12 17:19:27
Share with:

පලස්තීනයේ Rafah ප්‍රදේශය වෙත ඊශ්‍රායලය ගොඩබිම් මෙහෙයුමක් සැලසුම් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධානය යොමු කර ඇත. එමෙන්ම ගාසා තීරයේ වැසියන්ගේ තත්ත්වය කෙරෙහි දැඩි කණස්සල්ල පළ කරමින් සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙස ද ඉල්ලා සිටී.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සභාපති Kristalina Georgieva මහත්මිය ඊයේ(11) පැවසුවේ අඛණ්ඩ ගැටුම් හේතුවෙන් අසීරුතාවන්ට මුහුණ දෙමින් සිටින පලස්තීන ආර්ථිකය විනාශ කර ඇති බවයි. තිරසර සාමය සාක්ෂාත් කිරීම හා දේශපාලන ක්‍රමයෙන් ගැටුම් විසඳීම මගින් පමණක් පලස්තීන ආර්ථික ‍අපේක්ෂාව යහපත් කළ හැකි බව ද ඇය කියාසිටියාය.

මැද‍ පෙරදිග රටවල් බොහොමයක් Rafah ප්‍රදේශය වෙත ඊශ්‍රායලය ගොඩබිම් මෙහෙයුමක් සැලසුම් කිරීමට චෝදනා කරමින් තත්ත්වය උග්‍ර වීම වැළැක්වීම වෙනුවෙන් අදාළ පියවර ගන්නා ලෙස ජගත් ප්‍රජාවෙන් ඉල්ලීම් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම