2024 ජනවාරි මාසය තුළ සංචාරක ඉපැයීම ඉහළට
2024-02-12 17:22:32
Share with:

2024 ජනවාරි මාසය තුළ දී විදෙස් සංචාරකයින් 208,253 ක් මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2024 ජනවාරි මාසය තුළ සංචාරක ඉපැයීම ඩොලර් මිලියන 341.8 ක් වන බවයි. එය 2023 වසරේ ජනවාරි මාසයේ සංචාරක ඉපැයීම් වූ ඩොලර් මිලියන 153.5 හා සැසඳීමේ දී 122.7% ක වර්ධනයක් බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

2023 වසරේ සමස්ත සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 2,068.0 ක් වන අතර එය 2022 වසරේ සංචාරක ඉපැයීම් වටිනාකම වූ ඩොලර් මිලියන 1,136.3ට සාපෙක්ෂව 82% ක වැඩවීමකි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම