චීන සාම්ප්‍රදායික නව වසරට රටවල් රැසක දේශපාලනඥයන්ගෙන් හා ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන්ගෙන් සුබ පැතුම්
2024-02-12 17:08:46
Share with:

උදා වූ චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද වෙනුවෙන් රටවල් රැසක දේශපාලනඥයින්, ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් සහ මිත්‍රයින් චීන ජනතාව වෙත සුබ පැතුම් පිරිනමා ඇත.

චීනයේ සහෝදර රටක් ලෙස, වෙනිසියුලාව චීන ජනතාවට අවංක ආශිර්වාදය ලබා දෙන අතර 2024 දී වෙනිසියුලාව සහ චීනය අතර සහෝදරත්වය අඛණ්ඩව වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බව එරට ජනාධිපති Maduro Moros මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කළේය.

මෙම වසර සමෘද්ධිමත් හා සුබ වසරක් වේවායි ප්‍රාර්ථනා කරන බව තායිලන්ත අගමැති Settha Thawisin මහතා ද සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් පැවසීය. තායිලන්ත-චීන වෙළඳාම සහ ආයෝජන කටයුතු වර්ධනය වෙමින් පවතින අතර අන්‍යෝන්‍ය වීසා නිදහස් කිරීමේ ප්‍රතිපත්තිය ඔස්සේ දෙරට අතර සංචාර වඩාත් පහසු කරවීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම එහිදී පැවසීය.

2024 දී චීන ජනතාවට සුබ නව අවුරුද්දක් සහ සැපවත් දිවියක් ළඟා වේවායි ප්‍රාර්ථනා කරන බව ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදලේ සභාපති Alvaro Lario මහතා ද සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම