ඔන්ලයින් පනතේ සංශෝධන කිහිපයක් අද කැබිනට් මණ්ඩලයට
2024-02-12 16:08:17
Share with:

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් ඔන්ලයින් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ඊට අදාළ සංශෝධන 47ක් අද (12) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. විවිධ පාර්ශ්ව මගින් එල්ලවන විරෝධතා හමුවේ මෙම වගන්ති සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය. කෙසේවෙතත් මෙම සංශෝධන අද දිනයේ දී සම්මත වනු ඇති බව වාර්තා වේ.

ඒ අනුව සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් අනතුරුව පළමු වර කියවීම එළඹෙන පාර්ලිමේන්තු දිනයන්වලදී සිදු කිරීමට නියමිතය.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම