අඩක් නිමකළ ව්‍යාපෘති සියල්ල මෙම වසර තුළ අවසන් කිරීමට සැලසුම්
2024-02-12 16:13:13
Share with:

වැඩ අවසන් නොකර අතරමඟ නවතා දමා ඇති නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය නිසා නතර වී තිබූ නිවාස ණය සහ ආධාර වැඩසටහන් යළි ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ වනවිටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සහ නාගරික සංවර්ධන අධිකාරියට ලබා දී ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය.

ශෙහාන් සේමසිංහ අමාත්‍යවරයා මේ බව කියාසිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සින්නක්කර ඉඩම් ඔප්පු හා ණය චෙක්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම