චීන ජනපති සහ ආර්යාව එක්සත් ජනපද ලින්කන් උසස් පාසලේ ගුරුවරුන්ට සහ සිසුන්ට චීන අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනමති
2024-02-11 15:23:33
Share with:

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහ ජනපති ආර්යා පෙන්ග් ලියුආන් මහත්මිය අද(11) එක්සත් ජනපද ලින්කන් උසස් පාසලේ ගුරුවරුන් සහ සිසුන්ගේ චීන අලුත් අවුරුදු සුබපැතුම් පතකට පිළිතුරු දෙමින්, ඔවුන්ට මකරා වසරේ සුබ පැතුම් පළ කළහ.

ගුරුවරුන් සහ සිසුන් වෙත යවන ලද සුබපැතුම් පතක, ෂී ජින් පිං මහතා සහ පෙන්ග් මහත්මිය ඔවුන්ට චීනයට පැමිණෙන ලෙස අවස්ථා කිහිපයකදී ආරාධනා කර ඇත. ඒ අනුව තරුණ ඇමරිකානුවන් 50,000 ක් චීනයට ඇරයුම් ලද අතර හුවමාරු සහ අධ්‍යයන වැඩසටහන්වලට සහභාගී වූහ. එමඟින් චීන-එක්සත් ජනපද තරුණයි දෙපිරිස අතර මිත්‍රත්වයට එය හේතුවක් වී තිබේ.

මීට පෙර, එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ පාසලේ ගුරුවරුන් සහ සිසුන් ජනාධිපතිවරයාට, ආර්යාවට සහ චීන ජනතාවට අලුත් අවුරුදු සුබපැතුම් පතක් යවමින්, නව වසරේ සතුට සහ සෞඛ්‍යය සඳහා සුබ පැතුම් පළ කළහ. ගුරුවරුන් සහ සිසුන් 100 කට වැඩි පිරිසක් එම සුබ පැතුම් කාඩ්පතට අත්සන් තබා තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම