චීන වසන්ත උත්සවය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ විශේෂ සැමරුමක්
2024-02-11 16:44:41
Share with:

චීන වසන්ත උත්සවය උදාවීමත් සමග එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ චීන සේවකයන් එහිදී විශේෂ වසන්ත උත්සව සැමරුමක් පැවැත්වූහ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා හා එක්සත් ජාතීන්ගේ ‍ගෝලීය විකාශන කටයුතු පිළිබඳ උප මහ ලේකම් Melissa Fleming මහත්මිය ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ.

මකරාගේ ජීවගුණයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ජගත් ප්‍රජාවට බලවත් ගාමක බලයක් එක් වනු ඇතැයි බලාපොරොත්තු පළ කරමින් ඒකාබද්ධව පොදු ඉරණමක් සහිත මානවයන්ගේ ප්‍රජාව‍ ගොඩනැගීමට උත්සාහ දරන බව Zhang Jun මහතා එහිදී පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බහුපාර්ශ්වාදය වෙත චීනය ලබා දුන් සහය පිළිබඳ Melissa Fleming මහත්මිය ස්තුතිය පළ කළාය. චීන වසන්ත උත්සවය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ. වසන්ත උත්සවය සමරන සියළු දෙනාට සෞඛ්‍යය, සතුට, වාසනාවන්ත බව ලැබේවා යැයි ඇය එහිදී ප්‍රාර්ථනා කළාය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම