පාකිස්ථාන මැතිවරණයේ අවසාන ප්‍රතිඵල නිකුත් වෙයි
2024-02-11 17:33:47
Share with:

පාකිස්ථාන මැතිවරණ කමිටුව අද(11) 2024 ජාතික සභා මැතිවරණ අවසාන ප්‍රතිඵලය නිකුත් කළේය. ස්වාධීනව මැතිවරණයට සහභාගි වූ කණ්ඩායම පාර්ලිමේන්තුවෙන් ආසන 101ක් දිනා පෙරමුණේ පසු  වන බව එම ප්‍රතිඵලයෙන් පෙන්නුම් කෙරේ. මුස්ලිම් ලීගයට ආසන 75 ක් ද, ජනතා පක්ෂයට ආසන 54 ක් ද, අනෙකුත් දේශපාලන පක්ෂවලට ආසන 50 ට අඩු ප්‍රමාණයක් ද හිමි විය.

කිසිදු පක්ෂයකට සම්පූර්ණ ආසනවලින් අඩකට(168)  වඩා ලබා ගත නොහැකි වූ නිසා, කැබිනට් මණ්ඩලය ඒකාබද්ධව පිහිටුවීම සඳහා විවිධ පක්ෂ සාකච්ඡා කළ යුතු ය.

පාකිස්ථාන ජාතික සභාවට දැනට ආසන 336ක් ඇත. සභිකයින් වසර පහක සේවා කාලයක් සඳහා තේරී පත් වන අතර නැවත මැතිවරණයකට ඉදිරිපත් විය හැකිය. පාකිස්ථානයේ 2024 ජාතික සභා මැතිවරණය සඳහා ඡන්ද ප්‍රකාශ කිරීම එරට දේශීය වේලාවෙන් පසුගිය 8 වන දින පෙරවරු 8 ට ආරම්භ විය.

 


ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම