චීන මාධ්‍ය සමූහයේ නව වසරේ සංස්කෘතික ප්‍රසංගය විදෙස් මාධ්‍යයන් හි ඉහළ ආකර්ෂණයට
2024-02-11 16:43:49
Share with:

චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සැමරීම සඳහා චීන මාධ්‍ය සමූහය විසින් ඉදිරිපත් කෙරුණු සංස්කෘතික ප්‍රසංගය විදෙස් මාධ්‍යයන් හි ඉහළ ආකර්ෂණයට ලක් වෙයි.

එම ප්‍රසංගය පසුගිය 9වැනි දා රාත්‍රී 8ට විසුරුවා හරිනු ලැබීය. චීන මාධ්‍ය සමූහය බහු මාධ්‍ය වේදිකා හා බහු භාෂාවලින් වාර්තාකරණය සංයෝග කරමින් ලෝකය වෙත චීන සංස්කෘතීන්ගෙන් පිරිපුන් ප්‍රසංගයක් ඉදිරිපත් කර තිබේ. ඊයේ(10) පස්වරු 1 දක්වා, එම ප්‍රසංගය පිළිබඳ විදෙස් රටවල ප්‍රචාරක ප්‍රතිඵල කැපී පෙනෙන ලෙස වාර්තා වෙයි. විවිධ දත්ත නව ඉහළ මට්ටම් ලෙසට ඉතිහාසයට එක්වීම විශේෂත්වයකි.

බහු භාෂාවලින් සිදු කර ඇති වාර්තාකරණය සඳහා විදේශ නැරඹුම් සංඛ්‍යාව 69කෝටි 50ලක්ෂයක් වූ අතර, වීඩියෝ නැරඹුම් සංඛ්‍යාව කෝටි 25කි. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හා කලාප 200කට වැඩි සංඛ්‍යාත මාධ්‍ය 2300කට වැඩි ප්‍රමාණයක් සංස්කෘතික ප්‍රසංගය සජීවීව විසුරුවා හැර තිබීම හෝ ඒ පිළිබඳ වාර්තාකරණයන් සිදු කර තිබේ. එසේ ම, මකරාගේ වසර තේමා කරගත් නර්තන තරගය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හා කලාප 68ක අන්තර්ජාල භාවිතයන්ගේ ඉහළ ආකර්ෂණයට යොමු වී ඇත. ගෝලීය වශ‍යෙන් එය නැරඹීමේ සංඛ්‍යාව 58කෝටි 90ලක්ෂය ඉක්මවා ගොස් තිබීම ද කැපී පෙනේ.




ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම