චීන නෞකාවලට ලංකාවට පැමිණීමට කිසිඳු තහනමක් නොමැති බව ජනපති ඉන්දීය රූපවාහිනි නාලිකාවකට පවසයි
2024-02-11 20:03:27
Share with:

චීන නෞකා ලංකාවට පැමිණෙන්නේ නම් ඊට කිසිසේත් බාධා නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය වියෝන් රූපවාහිනී නාලිකාව සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියාවේ පර්ත් හි පැවති 7 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වී සිටින අතර තුර සාකච්ඡාවට එක්ව තිබේ.

කලාපීය ආරක්ෂාව පිළිබද කතා කිරිමේ දී චීන නෞකා ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබද ඉන්දියාවේ වැඩි අවධානය යොමුවී ඇති බවත්, ශ්‍රී ලංකාව ඊට අවසර ලබා දෙන්නේ දැයි මාධ්‍යවේදියා විමසා ඇත. ඊට පිළිතුරු ලබා දෙමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ චීන නෞකා සාගර පරීක්ෂණ කටයුතු සඳහා ලංකාවට පැමිණෙන බවත් ඒ සඳහා අඛණ්ඩව අවසර ලබා දෙන බවත්ය. චීන නෞකා අතීතයේ සිටම ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඔවුන් කිසිදා ලංකාව හා ඉන්දියාව අතර පවත්නා සම්බන්ධය පලුඳු කිරීමට උත්සාහ කර නොමැති බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත. චීනය, ඉන්දියාව, ජපානය හා ඇමෙරිකාව වැනි ඕනෑම රටක නෞකා ලංකාවට පැමිණෙන්නේ නම් ඊට අවසර ලබා දෙන බව ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම