උදා වූ චීන නව වසරට රටවල් රැසක දේශපාලනඥයන්ගෙන් සුබ පැතුම්
2024-02-11 17:12:26
Share with:

උදා වූ චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද වෙනුවෙන් රටවල් රැසක නායකයින් සහ දේශපාලනඥයින් චීන ජනතාව වෙත සුබ පැතුම් පිරිනමා ඇත.

සාම්ප්‍රදායික චීන සංස්කෘතිය තුළ, මකරා වෙතින් සුබ, ප්‍රඥාව සහ ශක්තිය සංකේතවත් වන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කළේය. “නව වසරේ අපි අත්වැල් බැඳ ගෙන ශ්‍රී ලංකා-චීන මිත්‍ර සහයෝගිතාව ප්‍රවර්ධනය කරමින් ලෝක සාමය හා සමෘද්ධිය ප්‍රවර්ධනය සඳහා පොදුවේ වෑයම් කරමු” යනුවෙන් හෙතෙම එහිදී පැවසීය. සියළු චීන ජනතාවට වාසනාවන්ත නව වසරක් වේවා යැයි ප්‍රාර්ථනා කරන බව ද කථානායකවරයා පැවසීය.

මෙම සුබ උත්සව සමයේ මාලදිවයිනේ චීන ජාතිකයන් ඇතුළු ලොව පුරා සිටින චීන ජාතිකයන්ට සතුට හා සාර්ථකත්වය ගෙන එනු ඇතැයි බලාපොරොත්තු වන බව මාලදිවයි‍නේ ජනාධිපති Mohamed Muizzu මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් පැවසීය.

නාවුරු දේශය හා චීනය අතර සහයෝගීතාව ඵලදායි ප්‍රතිඵල අත්කර ගැනීමටත් දෙරට අතර මිත්‍රත්වය දිගු කල් දිනේවා යැයි ප්‍රාර්ථනා කරන බවත් නාවුරු ජනාධිපති David Ranibok Adeang මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් පැවසීය.

“මකරාගේ ජීවගුණය අපව සමෘද්ධිමත් සහ සුහද අනාගතයක් කරා ගෙන යනු ඇතැයි බලාපොරොත්තු වේ”යනුවෙන් ඔහු එහිදී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම