විදෙස්ගත ලාංකිකයන්ගෙන් මෙරටට ලැබුණු ආදායමේ වර්ධනයක්
2024-02-11 20:04:35
Share with:

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මේ වසරේ ජනවාරි මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 487.6ක් මෙරටට එවා තිබේ.

එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂ ව සියයට 11.4ක වැඩි වීමක් බව සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේය.

පසුගිය වසරේ ජනවාරි මාසයේ දී ‍විදෙස්ගත ව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට අමෙරිරිකානු ඩොලර් මිලියන 437.5ක් එවා තිබිණ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම