දරුවන්ගේ අක්මා, කර්ණශංඛ සැත්කම් බර ජනපති අරමුදලින්
2024-02-11 20:05:27
Share with:

රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී දරුවන් වෙත සිදු කරන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

රටේ අනාගතය වන දරු පරපුරේ සුබ සිද්ධිය සහ අඩු අදායම්ලාභී මව්පියන්ට සහනයක් සැලසීම සඳහා මෙය ක්‍රියාවට නැංවේ.

උතුරු කොළඹ මහ රෝහලේ (රාගම ශික්ෂණ රෝහල) සිදු කරනු ලබන වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම වලදී පූර්ව සහ පසු පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා යන අධික වියදම සලකා එවැනි රෝගීන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ඉල්ලුම් කිරීමේ දී සම්පූර්ණ කරගත යුතු සාමාන්‍ය හා අනෙකුත් කොන්දේසි සම්පූර්ණ වන්නේ නම් එම  ශල්‍යකර්මය වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක  උපරිමයකට යටත්ව මෙම ජනවාරි පළමු වැනිදා සිට ජනාධිපති අරමුදලින් මුදල් පිරිනැමේ.

ශ්‍රී ලංකාවේ වර්ෂයකට කර්ණශංඛ බද්ධ  සැත්කම සිදුකළ යුතු දරුවන් 200කට අධික ප්‍රමාණයක් උපත ලබන බව වෛද්‍ය පරීක්ෂණ වලින් පෙන්වා දී ඇත. උපතේදීම මෙම දරුවන් හඳුනා ගැනීම සිදු වුවද, එම දරුවන් සියලු දෙනාටම මෙම සැත්කම සිදු නොකරයි. මෙවැනි දරුවෙකුගේ මොලය වර්ධනයට මෙම සැත්කම දරුවාට වසර දෙකක් ඇතුලත  කළයුතු බව වෛද්‍ය මතයයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම