චීනයේ Huangyan දූපතට අනවසරයෙන් ඇතුළු වූ පිලිපීන නෞකාව චීනය පිටුවහල් කරයි
2024-02-11 19:20:02
Share with:

චීනයේ Huangyan දූපතට නීති විරෝධී ලෙස ඇතුළු වූ පිලිපීනයේ වෙරළාරක්ෂක බළකායට අයත් නෞකාව චීනය පිටුවහල් කරයි.

චීන‍ වෙරළාරක්ෂක බලකායේ ප්‍රවෘත්ති ප්‍රකාශක Gan Yu මහතා පැවසුවේ පසුගිය 02වැනි දා සිට 09වැනි දා දක්වා පිලිපීනයේ එම නෞකාව බොහෝ අවස්ථාවලදී නීති විරෝධී ලෙස චීනයේ Huangyan දූපතට පිවිස ඇති බවයි. ඔවුන් චීනයේ වෙරළාරක්ෂක බලකායේ අනතුරු ඇඟවීම් නොසලකා හැර තිබේ. මේ යටතේ චීන වෙරළාරක්ෂක බලකාය නීත්‍යානුකූල අයුරින් එම නෞකාව පලවා හැර ඇත.

Huangyan දූපත හා ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ස්වෛරීභාවය චීනයට හිමිවීම අවිවාද සත්‍යයකි. චීන‍ වෙරළාරක්ෂක බලකාය තම රටේ ස්වෛරීභාවය හා මුහුදු අයිතිවාසිකම් තරයේ ම ආරක්ෂා කරන බව Gan Yu මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම