චීන නව අවුරුදු උදාව වෙනුවෙන් ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්
2024-02-10 15:41:48
Share with:

ලොව පැරණිතම සාම්ප්‍රදායික අවුරුදු උත්සවය වන චීන අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සියළුම චීන ජනතාව වෙත ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබ පැතුම් පිරිනැමීය. මෙවර චීන ජනතාව සමරන මකරාගේ වසර බලාපොරොත්තුව, සුවිශේෂ බව හා ශක්තිය සංකේතවත් කරයි. දීර්ඝ කාලයක සිට චීනය සහ ශ්‍රී ලංකාව අතර ආකල්ප, සංස්කෘතිය, ආගමික වශයෙන් හා කලාව අතර හුවමාරු සිදු කෙරිණ. දෙරටේම පොදු අරමුණ වන සාමය හා ජනතාව සඳහා යහපත් ජීවන පැවැත්මක් ගොඩනැගීම ඇතුළු බොහෝ සමානකම් ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව හා චීනය සතු විය. මේ සුවිශේෂ මොහොතේ ලොව පුරා සිටින සියළුම චීන ජනතාවට නව අවුරුදු සුබ පැතුම් පිරිනමන බව ජනාධිපතිවරයා සිය පණිවිඩයේ සඳහන් කර සිටී.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම