වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය නැරඹුම් සංඛ්‍යාව නව වාර්තාවක්
2024-02-10 16:50:45
Share with:

ඊයේ(9) රාත්‍රී 8ට චීන මාධ්‍ය සමූහය විසින් ඉදිරිපත් කරන ලද 2024 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය ගෝලීය වශයෙන් ‍විකාශනය කෙරිණ. නව අදහස්, කලාව හා තාක්ෂණය මුසු කරමින් සරල, ප්‍රීතිමත් මෙන්ම සුන්දර අයුරින් ගෙවී ගිය වසර තුළ ප්‍රතිඵල හා ජයග්‍රහණ මෙම ප්‍රසංගය ඔස්සේ ඒකරාශීව සාරාංශ කර තිබේ.

මෙම ප්‍රසංගයේ සජීව විකාශනය නැරඹීමට එක් වූ චීන ප්‍රේක්ෂකයන්ගේ සංඛ්‍යාව හා සමස්ථ ප්‍රේක්ෂක නැරඹුම් සංඛ්‍යාව නව වාර්තාවක් පිහිටුවා තිබේ. ඊයේ රාත්‍රී 12 වනවිට එම ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 679ක් වූ අතර ප්‍රසංගය නැරඹීමේ සමස්ථ සංඛ්‍යාව මිලියන 1501කි. එය පසුගිය වසරේ අගයට වඩා සියයට 12.69කින් වැඩි විය. සමාජ මාධ්‍ය වේදිකාවල වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය පිළිබඳ අදහස් දැක්වූ සංඛ්‍යාව බිලියන 16කට වැඩි ය. එය පසුගිය වසරේ අගයට වඩා සියයට 59.48ක වර්ධනයකි.

චීන මාධ්‍ය සමූහයට අනුබද්ධ CGTN නාලිකාවේ ඉංග්‍රීසි, ස්පාඤ, ප්‍රංශ, අරාබි, රුසියා භාෂා නාලිකා හා භාෂා 68ක නව මාධ්‍ය වේදිකා, ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඉතාලිය, රුසියාව, ජපානය, බ්‍රසීලය හා ඉන්දියාව ඇතුළු රටවල් හා ප්‍රදේශ 200ක මාධ්‍ය 2100කට වැඩි සංඛ්‍යාවක් සමග වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය සජීව විකාශනය හා වාර්තා සිදු කර තිබේ. ඉන් ගෝලීය ප්‍රේක්ෂකයන්ට ප්‍රීතිමත් මෙන්ම උණුසුම් පරිසරයක් තුළ චීන වසන්ත උත්සවය හා චීන සංස්කෘතිය භූක්ති විඳීමේ අවස්ථාව උදා වී තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම