පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරලයි
2024-02-10 17:53:40
Share with:

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ පළමු ද්විත්ව ශතකය වාර්තා කිරීමට පැතුම් නිශ්ශංක ඊයේ (09) සමත්විය.

ඒ අනුව වසර 24කට පෙර 2000 වසරේ සාජා පිටියේ දී ඉන්දියාවට එරෙහි ව සනත් ජයසූරිය වාර්තා කළ ලකුණු 189 වාර්තාව ඉක්මවීමට ඔහු සමත් වී තිබේ. පැතුම්  සහභාගී වූ 50 වන එක්දින තරගයේ දී මෙම වාර්තාව පිහිටුවීය.

එමෙන්ම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පිතිකරුවෙක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.

එමෙන්ම එක්දින ද්විත්ව ශතකයක් ලබාගත් ලොව 10 වන පිතිකරුවා ලෙසද පැතුම් නිශ්ශංක අද ඉතිහාස ගත විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම