වසන්ත උත්සවය චීනයට මෙන්ම ලෝකයට ද හිමියි
2024-02-10 21:16:41
Share with:

වියානා හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය පළමු වරට චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරා ඇත. නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ද වසන්ත උත්සව සැණකෙළියක් පැවැත් වූ අතර, රටවල් රැසක සුවිශේෂ ගොඩනැගිලි "චීන රතු" පැහැයෙන් ආවරණය කර තිබිණ. වසන්ත උත්සවය එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමෙන් පසු, අලුත් අවුරුදු අත්දැකීම ලොව පුරා වඩාත් ගැඹුරු වී ඇත. "චීන නව වසරේ" සිට "ලෝක නව වසර" දක්වා, මෙම මකරාගේ වසරේ, ලොව පුරා සිටින ජනතාවට චීනය සහ චීන සංස්කෘතිය අවබෝධ කර ගැනීමට නව ජවයක් සහ අවස්ථා ලබා දී තිබේ.

වසන්ත උත්සවය චීනයේ පැරණිතම සහ වැදගත්ම සාම්ප්‍රදායික උත්සවයයි. එය එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය සෑම වසරකම වසන්ත උත්සව සමයේ රැස්වීම්‍ නොපවත්වා, චීන සංස්කෘතිය අත්විඳීමට මිනිසුන්ට වැඩි අවස්ථාවන් ලබා දීමට කටයුතු කර ඇත.78 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරයා විශ්වාස කරන්නේ, එක්සත් ජාතීන්ගේ පද්ධතිය සහ බහුපාර්ශ්වවාදය තුළ චීනය ඉටු කරන වැදගත් කාර්යභාරය එයින් සංකේතවත් කෙරෙන බවයි. චීන ජනතාව ඔවුන්ගේ සංස්කෘතිය ලෝකය සමඟ බෙදා ගැනීමට කැමැත්තෙන් සිටීම ද එයින් පෙන්නුම් කෙරෙන බව ඔහු පැවසීය.

වර්තමානයේ, ඇමරිකාවේ නිව්යෝර්ක්, ප්‍රංශයේ පැරිස්, නෙදර්ලන්තයේ හේග් සහ මෙක්සිකෝ නගරය යනාදී ප්‍රදේශවල සිටින ලෝකවාසී ජනතාවගෙන් පහෙන් එකක් පමණ විවිධ අයුරින් චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරයි. මකර සහ සිංහ නැටුම්, ඩම්ප්ලිං සෑදීම, පන්සල් සල්පිලට යාම, වසන්ත උත්සව කවි පද ලිවීම යනාදී ජන ක්‍රියාකාරකම් රටවල් සහ කලාප 200කට ආසන්න ප්‍රමාණයක සිදු කෙරේ.

කොතැනක සිටියත්, හමේ පාට හෝ ජාති භේදයකින් තොරව, මෙම උත්සවය සැමරීමට මිනිසුන් එකට එකතු වේ. වසන්ත උත්සවයේ චමත්කාරය මෙයයි. එය ජාතික සීමාවන් ඉක්මවා ලෝකය යහපත කරා ප්‍රවර්ධනය කරන වැදගත් බලවේගයක් බවට පත්ව ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම