ගෙවී ගිය ජනවාරි මාසයේ ලොව උෂ්ණත්වය ඓතිහාසික වශයෙන් ඉහළතම මට්ටමට
2024-02-10 16:59:52
Share with:

ගෙවී ගිය ජනවාරි මාසය ගෝලීය වශයෙන් වැඩිම උෂ්ණත්වය වාර්තා වූ මාසය බව ලෝක කාලගුණ සංවිධානය පවසයි.

ලෝක කාලගුණ සංවිධානය Copernicus කාලගුණ විපර්යාස සේවාවේ වාර්තාව උපුටා දක්වමින් ඊයේ(09) පැවසුවේ මෙම වසරේ උෂ්ණත්වය අඛණ්ඩ ව වාර්තාගත අයුරින් ඉහළ මට්ටමක පවතින බවයි. මාස 8ක් තුළ අඛණ්ඩ ව ඉහළතම මට්ටම වාර්තා වී ඇති අතර මුහුද මතුපිට උෂ්ණත්වය ද අඛණ්ඩ ව නව ඉහළ මට්ටමක් දක්වා ඉතිහාසයට එක් වී ඇත.

Copernicus කාලගුණ විපර්යාස සේවාවේ දත්තවලට අනුව, පසුගිය ජනවාරි මාසයේ වාර්තා වූ බිම් උෂ්ණත්වය, කාර්මීකරණයට පෙර එනම් 1850-1900 වසරවල සමාන කාලයට සාපේක්ෂව සෙල්සියස් අංශක 1.66ක වර්ධනයකි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම