උදා වූ චීන නව වසරට ලෝක නායකයින්ගෙන් සුබ පැතුම්
2024-02-10 16:55:10
Share with:

උදා වූ චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද වෙනුවෙන් රටවල් රැසක නායකයෝ, ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානිහූ සහ මිත්‍රයින් චීන ජනතාව වෙත සුබ පැතුම් පිරිනමති.

ශ්‍රී ලංකාව සහ චීනය යන රටවල් දෙකම විභවයන්ගෙන් පිරිපුන් සංවර්ධනය වෙමින් පවතින ආර්ථික ඒකක වන අතර, දෙරටේම තම ජනතාවට යහපත් ජීවිතයක් නිර්මාණය කිරීමට කැපවී සිටින බවත් මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා නව වසරේ දෙරට එක්ව කටයුතු කරනු ඇති බවත් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කළේය.

මේ වැදගත් අවස්ථාවේදී චීන ජනතාව වෙත සුබ පැතුම් පිරිනමමින් නව වසරේ දෙරට අතර සමගිය හා මිත්‍රත්වය වෙනුවෙන් නව ජවයක් ලබා දීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා අගමැති දිනෙෂ් ගුණවර්තන මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් පැවසීය.

චීන ජනතාවට සැපවත් දිවියක්, ප්‍රීතිමත් සහ රැකියාවේ සුවපහසු බව ළඟා වේවායි ප්‍රාර්ථනා කරන බව ලාඕස අගමැති Sonexay Siphandone මහතා පැවසීය.

මෙක්සිකානු ජාතිකයෙකු වශයෙන්, තමා චීනයේ සැමරුම් ක්‍රියාකාරකම්වලට සැබවින්ම කැමති අතර චීන ජනතාවට සුබ නව වසරක් ප්‍රාර්ථනා කරන බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක අවස්ථා සංවිධානයේ ප්‍රධානී Adriana Zakarias Farrar මහත්මිය සිය සුබ පැතුම් පණිවිඩයෙන් පැවසුවාය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම