රජයේ තීරණයට එකඟ නොවන වී මෝල් හිමියන් අසාදු ලේඛනයට
2024-02-10 17:53:03
Share with:

රජය විසින් ලබා දී ඇති මිල ගණන් යටතේ වී මිල දී නොගන්නා වී මෝල් හිමියන්, වී එකතු කරන්නන් සහ වී ගබඩා අයිතිකරුවන් අසාදු ලේඛනගත කිරීමට තීරණය කල බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, ගොවින්ගෙන් වී මිල දී ගැනීම සඳහා රජය විසින් සහන පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය හා වාණිජ බැංකු කිහිපයක් මගින් ණය මුදලක් ලබා දීමට කටයුතු යොදා ඇති බවයි.

ඒ අනුව රජය අනුමත ණය මුදල් ලබාගෙන රජය විසින් නියම කර ඇති අවම මිල ගණන් යටතේ වී තොග මිල දී ගැනීමට කටයුතු නොකරන්නේ නම්, ඔවුන් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළ සඳහා රුපියල් කෝටි 900ක මුදලක් සහන පොලී අනුපාතයක් යටතේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සහල් මෝල් හිමියන්, වී එකතු කරන්නන් සහ වී ගබඩා අයිතිකරුවන් වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව සඳහන් ය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම