ගෝලීය බලවතුන් තම ඉරණම තීරණය කරන තෙක් බලා නොසිට තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට කලාපීය රටවලට හැකි බව ජනපති පවසයි
2024-02-10 17:52:26
Share with:

ගෝලීය බලවතුන් තම ඉරණම තීරණය කරන තෙක් බලා නොසිට තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවලට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවල් අතර විශ්වාසය ගොඩනඟා ගැනීම සහ දැනුවත්භාවය වැඩිදියුණු කර ගැනීම මඟින් ආරක්ෂිත සහ ස්වාධීන ඉන්දියන් සාගරයක් නිර්මාණය කරගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

වසර 2050 වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල දළ දේශීය නිෂ්පාදිතය අට ගුණයකින් වැඩි වන බවට පුරෝකථනය කර ඇති බවත්, ඒ වෙනුවෙන් අවකාශ සැලසීම සඳහා රටවල් සම්බන්ධ කරන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අවශ්‍ය බවත් ජනාධිපතිවරයා කියා සිටී.

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ආරම්භ වූ  7 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්‍ය එස්.ජයිශංකර් අතර හමුවක් ද මීට සමගාමීව සිදු ව තිබේ. මෙහි දී දෙරට අතර ද්වීපාර්ශ්වික ව්‍යාපෘති පිළිබඳ ජනාධිපතිවරයා හා ඉන්දීය විදේශ අමාත්‍යවරයා සාකච්ඡා කළ බව සඳහන් ය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම