ගෝලීය ප්‍රේක්ෂකයෝ මකරාගේ වසර පිළිගනිති
2024-02-09 23:37:51
Share with:

චන්ද්‍ර දින දර්ශනයට අනුව අද(9) චීන මකරාගේ වසර උදාවට පෙර දිනයයි. අද රාත්‍රි 8ට චීන මාධ්‍ය සමූහය විසින් ඉදිරිපත් කරන වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය ගෝලීය‍ වශයෙන් විකාශනය කෙරේ.

මෙවර වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ප්‍රධාන ස්ථානය බෙයිජිංහිදී ස්ථාපිත කළ අතර Liao Ning පළාතේ Shenyang නගරයේ, Hunan පළාතේ Changsha නගරයේ, Shanxi පළාතේ Xi’an නගරයේ හා ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තයේ Kashgar නගරයේ වෙන් වෙන් ව ශාඛා ස්ථාන පිහිටුවා ඇත. අඛණ්ඩව සංවිධානය කරන ලද 41 වැනි වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය මෙයයි. සාමාන්‍ය ජනතාව වඩාත් වැඩි පිරිසක් මේ ප්‍රසංගයේ ප්‍රධාන චරිත බවට පත් කිරීම මෙවර වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ විශේෂත්වයකි.

රටවල් හා ප්‍රදේශ 200ක මාධ්‍ය ආයතන 2100ක් පමණ වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය සජීව විකාශනය කිරීම හෝ වාර්තා කිරීම සිදු කරයි. රටවල් 49ක නගර 90ක ප්‍රචාරක තීර 3000ක් ඔස්සේ වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය විකාශනය කෙරේ. එමගින් විදෙස් ප්‍රේක්ෂකයන්ට චීන වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය නරඹමින් මකරාගේ වසර පිළි ගැනීමට අවස්ථාව උදා වේ.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම