එක්සත් ජාතීන්ගේ නිලධාරීන් සහ බොහෝ රටවල නියෝජිතයින් චීන ජනතාවට වසන්ත උත්සවය වෙනුවෙන් සුභ පැතුම් එක් කරයි
2024-02-09 10:24:41
Share with:

මකරාගේ වසරේ වසන්ත උත්සවය උදා වීමත් සමග එක්සත් ජාතීන්ගේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් රැසක නිත්‍ය නියෝජිතයන් චීන මාධ්‍ය සමූහය හරහා චීන ජනතාවට වසන්ත උත්සවය වෙනුවෙන් සුභ පැතුම් එක් කර ඇත.

චීන ජනතාවට, චීන නායකයින්ට, ආසියාව පුරා සිටින ජනතාවට සහ ලොව පුරා සිටින ජනතාවට සිය අවංක ශුභාශිංසන පළ කරන බව එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් Miguel Moratinos මහතා පැවසීය. වර්තමාන ලෝකයට චීනයේ සහභාගීත්වය සහ සහයෝගය අවශ්‍ය වන අතර චීනය විශිෂ්ඨ රටක්, විශ්මයජනක ශිෂ්ටාචාරයක් සහ සහයෝගී හවුල්කරුවෙක් බව හෙතෙම සඳහන් කළේ ය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිත්‍ය නියෝජිත Lana Nusseibeh මහත්මිය ද චීනයට සහ වසන්ත උත්සවය සමරන සියලුම ජනතාවට සුබ පැතුම් එක් කළාය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළුව නව වසරේ චීනය සමග ඇති ශක්තිමත් සහයෝගී සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව ද ඇය කියාසිටියාය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම