ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්ව වලංගුභාවය පිළිබඳ නඩු විභාගය ඇරඹේ
2024-02-09 10:11:15
Share with:

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්ව වලංගුභාවය පිළිබඳ නඩු විභාගය ආරම්භ කරයි.

එම නඩුව පිළිබඳ වාචික තර්ක දැක්වීම්වලට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රාදේශීය වේලාවෙන් ඊයේ(8) උදේවරුවේ සවන් දුන් බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත. වසර 2021 ජනවාරි 6 කොංග්‍රස් ගොඩනැගිලි කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා මත 2024 ජනාධිපතිවරණයෙන් ඔහු ඉවත් කිරීම පිළිබඳ තීන්දුව  අවලංගු කරන ලෙසට ඔහුගේ නීතිඥයා එදින ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

2021 ජනවාරි 6 සිද්ධියට සම්බන්ධ වූ බවට නැගෙන චෝදනාව පදනම්ව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14වන සංශෝධිත කෙටුම්පතේ තුන්වන වගන්තිය වන ‘කැරලි තහනම’ මත, Colorado ජනපදයේ වසර 2024 ඇමරිකානු ජනාධිපතිවරණයට එක්වීම පිළිබඳ පක්ෂයේ  මූලික අපේක්ෂකත්ව මැතිවරණයට ඉදිරිපත් වීමේ සුදුසුකම ඩොනල්ඩ් ට්‍රම්ප්ට අහිමි වන බව එම ජනපදයේ අධිකරණය මීට පෙර තීන්දු කර ඇත. එමෙන්ම ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ යන නාමය Colorado ජනපදයේ ජනාධිපතිවරණය පිළිබඳ ඡන්ද පත්‍රිකාවේ සඳහන් නොකරන ලෙසටද එම තීන්දුවෙන් ජනපදයේ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම