චීන වසන්ත උත්සව අසිරිය නිව්යෝක් නුවර ජනතාව හමුවට
2024-02-09 15:42:30
Share with:

චීන වසන්ත උත්සවයේ උදාව නිමිත්තෙන්, චීන මාධ්‍ය සමූහය ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර උතුරු ඇමරිකානු වෘත්තීය හොකී ලීග පිටියේ දී, වසන්ත උත්සව සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වයි. දස දහසකට අධික ඇමරිකානු ප්‍රේක්ෂකයෝ චීන රතු පැහැයෙන් බැබළුණු උණුසුම් වාතාවරණයක හිඳ වසන්ත උත්සවයේ සංස්කෘතික චමත්කාරය අත්වින්දහ.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එහි එක්ව සිටි ඇමරිකානු රසිකයන්ට වීඩියෝ ආකාරයෙන් නව වසරට සුබ පැතුම් පිරිනැමීය. වසන්ත උත්සවයට සුබ පැතුම් යැවීම සඳහා අන්තර්ක්‍රියාකාරී කුටි එහි පිහිටුවා තිබූ අතර, උදාවන නව වසරට අධිපති මකරාගේ රුවෙන් යුත් සමරු භාණ්ඩවලට එහි ඉහළ ආකර්ෂණයක් හිමිවිය.  

මෙම වැඩසටහන් විදේශීය සමාජ වේදිකා සහ උතුරු ඇමරිකානු වෘත්තීය හොකී ලීගය මගින් ඇමරිකානු ප්‍රේක්ෂකයන් වෙත සමීප කරවනු ලැබීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම