මකරාගේ ජවය, නිර්භීතභාවය, ශක්තිය හා තේජස උරුම කර උත්සාහයෙන් සංවර්ධනයට කැප වෙමු- චීන ජනපති
2024-02-09 17:52:55
Share with:

වසන්ත උත්සවය, ගෙවී ගිය වසර සාරාංශ කිරීමේ මොහොත මෙන්ම නව වසර සැලසුම් කිරීමේ මොහොත බවට පත්වේ. නව වසර වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා යොමු කළ සුභපැතුම තුළ උත්සාහය, වැදගත් වචනයකි. ගෙවී ගිය වසර තුළ ලබා ගත් ජයග්‍රහණ හා සුන්දර අනාගතයේ පදනම උත්සාහයයි. 2024 වසන්ත උත්සවය වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ චීන රාජ්‍ය මණ්ඩලය බෙයිජිං හි මහජන මහ ශාලාවේදී පැවති උත්සවයේදී ෂී ජින් පිං මහතා පැවසුවේ චීන ලක්ෂණවලින් යුතු නවීකරණය ඔස්සේ බලවත් රටක් ගොඩනැගීම හා චීන ජාතික පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීම, චීන ජනතාව සුන්දර ජීවිතය හඹා යාමේ ආලෝකවත් මාවතක් මෙන්ම ලෝක සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ යුක්ති මාවතක් බවට පත් වන බවයි. මාවත හා සංකලපය වෙනස් නොකරමින් සියළු බලය එක්රැස් කර විවිධ දුෂ්කරතා මැඩපවත්වා අඛණ්ඩව ජයග්‍රහණ ලබා ගත හැකි බව හෙතෙම අවධාරණය කළේය.

ගෙවී ගිය වසර තුළ චීනය පුරා ෂී ජින් පිං මහතා නිරත වූ නිරීක්ෂණ චාරිකා මගින් පිළිබිඹු වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන්ගේ මුල් අභිලාෂය හා මෙහෙවර වෙනස් නොකරන බවයි.

මකරාගේ ජවය, නිර්භීතභාවය, ශක්තිය හා තේජස උරුම කරගෙන, උදා වන නව වසරේ චීන ජනතාව රටේ සංවර්ධනයට වඩාත් ක්‍රියාශීලිව හා කැපවීමෙන් එක් වනු ඇති බවට චීන ජනාධිපතිවරයා බලාපො‍රොත්තු පළ කළේ ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම