ඇමරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර සන්ධානය ඉරාකයේ රැඳීසිටීම අවසන් කිරීම පිළිබඳ දෙවැනි වටයේ සාකච්ඡා 11 වැනිදා
2024-02-09 10:36:54
Share with:

ඇමරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර සන්ධානය ඉරාකයේ රැඳීසිටීම අවසන් කිරීම සඳහා ඇමරිකාව සමඟ දෙවැනි වටයේ සංවාදය පැවැත්වීමට ඉරාකය සූදානම් වෙයි.

ඉරාක විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (8)  මේ බව ප්‍රකාශ කළේය. මේ වනවිට ස්ථාපිත කර ඇති ජ්‍යෙෂ්ඨ යුද කමිටුවේ රාමුවට අදාළව ලබන 11 වැනිදා අදාළ සංවාදය පැවැත්වෙන බවත්, ඇමරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර සන්ධානය ඉරාකයේ රැඳීසිටීම අවසන් කිරීම එහි ප්‍රධාන අරමුණ බවත් එම නිවේදනයේ දැක්වේ. 

ඉරාකය හා ඇමරිකාව පළමු වටයේ සංවාදය ආරම්භ කළේ පසුගිය ජනවාරි 27 වැනිදා යි. ඉරාක අග්‍රාමාත්‍ය Mohammed Shia' Al Sudani මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංවාදය පැවති බවද අග්‍රාමාත්‍ය මාධ්‍ය කාර්යාලය නිවේදනය කළේය. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම