ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය පිටාර යාමෙන් බලධාරීන්ගේ වගකීම් විරහිතභාවය යළි තහවුරු වෙයි
2024-02-09 10:58:51
Share with:

ෆුකුෂිමා පළමුවැනි න්‍යෂ්ටික විදුලි බලාගාරයේ පවිත්‍රකරණ යන්ත්‍රවල පැවති දෝෂයක් හේතුවෙන් පසුගිය 07 වැනිදා සිදු වූ අපජලය පිටාර යාම, අදාළ සේවකයන් අතින් වූ වරදක් විය හැකි බව බලධාරීහු පවසති. ටෝකියෝ ඉලෙක්ට්‍රොනික බලශක්ති සමාගම  ඊයේ (08) මේ බව කියාසිටියේය.

එහිදී මෙට්‍රික් ටොන් 5.5 ක පමණ න්‍යෂ්ටික අපජලය පිටාර ගොස් ඇති බව ෆුකුෂිමා හි මාධ්‍ය වාර්තාවල දැක්වේ. විකිරණශීලී ද්‍රව්‍ය Becquerel බිලියන 22 ක් එහි අඩංගු වන බවට ද ඇස්තමේන්තු කර ඇත. මෙම ප්‍රමාණය රජයට වාර්තා කළ යුතු අවම අගයට වඩා බෙහෙවින් වැඩි ප්‍රමාණයකි. මෙම විකිරණශීලී ද්‍රව්‍ය අවට පරිසරයටත්, ජනතාවගේ සෞඛ්‍යයටත් බලපෑම් එල්ල කිරීමේ අවදානමක් පවතින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙම න්‍යෂ්ටික අපජල අර්බුදය යළි ඉස්මතුව පවතින අවස්ථාවේ පවා ජපාන රජය ප්‍රකාශයට පත් කළේ මුහුදට මුදාහරින ලද අපජලය අවදානම් සහගත නොවන බවයි. ජපානය සිය න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම අතිශය ගුප්ත ආකාරයෙන් සිදුකරන බවක් මෙහිදී පැහැදිලි වෙයි. එහිදී ඉස්මතු වන ප්‍රධාන කරුණු 3 කි. එනම්, අපජලය මුහුදට මුදාහැරීමේ සුරක්ෂිතතාව සහතික කිරීමට ටෝකියෝ ඉලෙක්ට්‍රොනික බලශක්ති සමාගම සම්පූර්ණයෙන්ම අපොහොසත් වී තිබේ. එසේම, නිසි අධීක්ෂණ වගකීම ජපාන රජය විසින් පැහැර හැර ඇත. මේ නිසා ජගත් ප්‍රජාව අපජලය බැහැර කිරීම අධීක්ෂණය කිරීමට අනිවාර්යයෙන් ම සහභාගි විය යුතු වේ.

ටෝකියෝ ඉලෙක්ට්‍රොනික බලශක්ති සමාගමේ මෙවර අනතුරින් යළිත් තහවුරු වන්නේ, ජපාන දේශපාලනඥයන් එම සමාගමේ අපරීක්ෂාකාරී මෙන්ම අවදානම් තත්ත්ව නිසියාකාරයෙන් විසඳීමට මැදිහත් විය යුතු බවයි. එසේ ම, මේ සඳහා ජගත් ප්‍රජාව සමග එක්ව සාකච්ඡා කර නිසි පිළියම් සෙවීම ද අත්‍යවශ්‍ය වේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම