ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියාවේ බටහිර ප්‍රාන්ත අගමැති හා පර්ත් හි ශ්‍රී ලාංකිකයින් හමු වෙයි
2024-02-09 16:24:35
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බටහිර ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය රොජර් කුක් (Roger Cook)  මහතා අතර හමුවක් ඉන්දීය සාගර සමුළුවට සමගාමීව ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී අද (9) සිදු විය. අග්‍රාමාත්‍ය රොජර් කුක් මහතා ශ්‍රී ලංකාව සහ බටහිර ඕස්ට්‍රේලියාව අතර පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රයන්ට අදාල සහයෝගීතාව ඉහල නංවා ගැනීම මෙන්ම  ශ්‍රී ලංකාව සහ පර්ත් නුවර අතර සෘජු ගුවන් සේවා සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන්  කැමැත්ත පළ කළේය.

ඉන්දියානු පදනමේ සහ ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර නිල සංචාරයකට එක්ව සිටී. සමුළුව පෙබරවාරි 9 සහ 10 දෙදින පැවැත්වෙන අතර ජනාධිපතිවරයා එහි ප්‍රධාන දේශනය  පැවැත්වීමට නියමිතය.

පර්ත් නුවර සිටින ශ්‍රී ලාංකිකයන් අතර හමුවකට ද ජනාධිපතිවරයා සහභාගී විය. ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය සමඟ සක්‍රීයව එක්වන ලෙස පර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇරැයුම් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම