උදා වන චීන අලුත් අවුරුද්දට රටවල් රැසක නා‍යකයින්ගෙන් සුබ පැතුම්
2024-02-09 17:31:40
Share with:

උදා වන චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද වෙනුවෙන් රටවල් රැසක නායකයෝ සුබ පතති.

චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවය උදාවීම නිමිත්තෙන් රටවල් රැසක නායකයෝ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත සුබපැතුම් පණිවිඩ යොමු කර ඇත.

ඉන්දුනීසියාව, බෙලරුසියාව,අසර්බයිජානය, කසකස්තානය, කිර්ගිස්තානය, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය, උස්බෙකිස්තානය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ටියුනීසියාව, සෙනගල්, සැම්බියාව, ඝානා, මධ්‍යම අප්‍රිකාව, සීෂෙල්ස් , සර්බියාව, හංගේරියාව, ක්‍රොඒෂියාව, බල්ගේරියාව ,සයිප්‍රසය, මෙක්සිකෝව සහ සිරියාව යන රටවල ජනාධිපතිවරු, සෞදි අරාබි රජු සහ කටාර් එමීර්වරයා එම රාජ්‍ය නායකයන් අතර සිටිති.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන මහතා සුබ පැතුම් පණිවිඩයක් ද චීන ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.ගෙවී ගිය වසරේ චීනය ලබාගෙන ඇති ජයග්‍රහණ අගය කරමින් දිනෙෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ශ්‍රී ලංකා-චීන මිත්‍ර සම්බන්ධතා තවදුරටත් ඉදිරියට වර්ධනය වන බව විශ්වාස කරන බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම