වසන්ත උත්සවය පිළිගන්නා ජනතාව වෙත ගොස් රජය නියෝජනය කරමින් සුබපැතුම් එක් කිරීම චීන ජනාධිපතිවරයාගේ අභිප්‍රායයි
2024-02-09 19:59:01
Share with:

සාම්ප්‍රදායික චීන අලුත් අවුරුද්ද වන වසන්ත උත්සවය චීනයේ වැදගත් ම සාම්ප්‍රදායික උත්සවයයි.වසන්ත උත්සවය එළඹීමට පෙර රටේ සාමාන්‍ය ජනතාව අතරට ගොස් ඔවුන්ගේ සුව දුක් සොයා බැලීම චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ පුරුද්දකි.

 ජනාධිපති ධුරයට පත් වූ දා සිට මේ දක්වා සෑම වසන්ත උත්සවයකට පෙර ෂී ජින් පිං මහතා වැඩිහිටි නිවාස, ළමා නිවාස, ‍වෙළඳ පොළ, ගොවි බිම්, ඉදි කිරීම් ස්ථාන, පොලිස් ස්ථාන, පවිත්‍රාගාර ඇතුළු රටේ බිම් මට්ටමේ ස්ථානවලට ගොස් ජනතාව සමග සුහද ව කතා බහ කර තිබේ. චීනයේ දිළිඳු , පිටිසර හා ග්‍රාමීය ප්‍රදේශවලට යාමට හෙතෙම අමතක ‍නොකළේ ය. චීනය බහුජාතික රටකි. රටේ සුළු ජන වර්ගවල ජනතාව අතරට ගොස් ඔවුන්ගේ සුව දුක් විමසීමට ද චීන ජනාධිපතිවරයා කටයුතු කර ඇත. සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වයන් විශේෂයෙන් ඔවුන්ගේ ගැටළු දැනගැනීම කෙරෙහි හෙතෙම එවන් අවස්ථාවලදී අවධානය යොමු කර තිබේ. වසන්ත උත්සවය පිළිගන්නා ජනතාවට රජය නියෝජනය කරමින් සුබපැතුම් එක් කිරීම චීන ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වේ.

 “ ජනතාවට සේවය කිරීම චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ ම අභිමතාර්ථයයි. වසන්ත උත්සවය එළඹෙන මොහොතේ මෙම අභිමතාර්ථය යළි සිහි කරමින් අප නව වසරේදී ජනතාවට වඩාත් කැපවීමෙන් සේවය කළ යුතුයි.” යනුවෙන් ෂී ජින් පිං ජනාධිපතිවරයා පවසා ඇත.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම