යළි තේරී පත් වූ අසර්බයිජාන ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-02-08 16:08:28
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, අසර්බයිජානයේ යළි තේරී පත් වූ ජනාධිපති Ilham Heydar oglu Aliyev මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කරයි. එය අද (8) යොමුකරනු ලැබීය.

මෑත වසරවල දී, චීන-අසර්බයිජාන සබඳතා සවිමත් මෙන්ම ස්ථාවර සංවර්ධන ගම්‍යතාවක් පෙන්නුම් කර ඇති අතර, දෙපාර්ශ්වය ඉහළ මට්ටමේ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසයක් ගොඩ නගාගෙන ඇති බව, ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය. දෙරට සබඳතා සංවර්ධනය කෙරෙහි තමා ඉහළ අවධානයක් යොමු කරන බව ද හෙතෙම පැවසීය.

Ilham Heydar oglu Aliyev මහතා සමඟ එක්ව ද්විපාර්ශ්වික සබඳතා සහ විවිධ ක්ෂේත්‍රවල පවතින සහයෝගීතා නව තලයකට රැගෙන යාමට, තමා සූදානම් බව ද, ෂී ජින් පිං මහතා තම පණිවිඩයෙන් කියා සිටී.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම