ජනපති ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක
2024-02-08 16:16:14
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද (08) අලුයම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දියානු සාගර සමුළුව 09 සහ 10 යන දෙදින තුළ පැවැත්වෙන අතර ජනාධිපතිවරයා එහි ප්‍රධාන දේශනය සිදු කරනු ඇත.

ඉන්දීය පදනමේ සහ ඔස්ට්‍රේලියානු රජයේ නිල ආරාධනයකට අනුව වික්‍රමසිංහ මහාතා මෙම සංචාරයට එක් ව තිබේ.

සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට ලබාගත හැකි ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපතිවරයා විසින් සොයා බැලීමට නියමිතය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම